top of page

About Us

‘Mettā’ in the Pali Language refers to compassion, and our goal as a non-profit Buddhist organization based in Australia is to empathize with the underprivileged and provide them with the assistance required to ameliorate their lives by providing shelter, food, health and education opportunities.

Mettā also opts to provide the means to the impoverished, to break the poverty cycle and assist them towards a path of self-relied sustenance.

We also believe that the financial aptitude of underprivileged should be guided based upon the ‘good-practices’ found in the Buddhist philosophy.

At Meththa we also believe that poverty alleviation could only be achieved through education, and thus our emphasis on providing education opportunities to the impoverished.

We also assist in the establishment and execution of various projects for the development of Buddhist Monasteries in Sri Lanka which are not supported by patrons in their respective geographical constituencies.

Furthermore, Meththa also remains committed to assist and support to social and religious welfare organizations already operating in Sri Lanka.

Our undertakings also include the propagation of Theravada Buddhism throughout the world, aimed at creating a more harmonious and empathizing global community.

metta-logo-final_03_03.png

මෙත්තා ඕස්ට්‍රේලියා

වන අප ගැන 

අත්ථුපමාය සබ්බේසං සත්තානං සුඛකාමතං 

පස්සිත්වා කමතං මෙත්තං සබ්බ සත්තේසු භාවයේ 

 

"මා මෙන්ම සියළු දෙනාට සැප කැමති වන්නේ යැයි දැක,

සියළු සත්වයනටම මෙත් වඩන්නේය" - බුදු රජාණන් වහන්සේ

 

මෙත්තා නමින් ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ස්ථාපනය කරන ලද පුණ්‍යආයතනය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මෛත්‍රී ගුණය පෙරදැරි කරගත් අරමුණින් ලොකවාසී සියලු දෙනාගේ හිතසුව පිණිස විවිධ සුභසාධන වැඩසටහන් සහ විවිධ පිංකම් ක්‍රියාත්මක කිරීම සිදුකෙරේ.

 

විශේෂයෙන්ම, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත්, ශ්‍රී ලංකාව තුළ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාවටත්, ඔවුනොවුන්ගේ ආගමික ගුණවගාව වැඩිදියුණු කිරීමත්, සමාජීය වශයෙන් තම ජීවිත පැවැත්ම තුළ  අත්විඳින විවිධ කම්කටුළු, අඩුපාඩුකම්ප්‍, ප්‍රශ්න ගැටළු සඳහා විසඳුම් ලබාදීමත් "මෙත්තා" හි අරමුණයි.

 

"මෙත්තා" හෙවත් මෛත්‍රීය යනු අනෙකෙකුට දුකක් කැමති නොවී තම දිවි දෙවෙනි කොට එකම දරුවා රකින මවක් සේ කෙනෙකු අනෙකෙකු උදෙසා දක්වන ආදරය, සෙනෙහස, දයාව සහ ස්නේහයයි. එතුළින්, සියලු සත්වයනට බලාපොරොත්තු වන, සුවසේ විසීම සුවසේ ජීවත් වීම, සඵල කර දීමේ වුවමනාව මෛත්‍රී ගුණයයි.  මෛත්‍රීය, බ්‍රහ්මයනට අදාළ වූ විහරණයක් (බ්‍රහ්ම විහරණ) වන්නේ එනිසයි.

 

ලාභ නොලබන සංවිධානය ලෙස "මෙත්තා" හි සියලු කැපකිරීම් හුදෙක් ජීවත් වීමට අවැසි මුලික අවශ්‍යතාවයන්ගේ අඩුපාඩු සහිත ශ්‍රී ලංකාවේ ජීවත් වන අසරණ, දිළිඳු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුවපත්භාවය උදෙසා සුභසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. පවුල් සංස්ථාවේ සියලු සාමාජිකයන්ගේ මුලික අවශ්‍යතාවයන් වන හිසට සෙවණක්, කයට වස්ත්‍රයක්, ලෙඩට බෙහෙතක් සහ කුසට අහරක් යන මුලික අවශ්‍යතාවයන් සොයා බලා සැපයීම තුලින් සියලු සත්වයන්ගේ සුවසේ ජීවත් වීමේ බලාපොරොත්තුව අප විසින් ඉටු කරනු ඇත.

 

උතුම් සම්බුද්ධ ශාසනයේ පරම සුවය නම් නිර්වාණ සුවයයි. අජත නම් වූ නැවත ජාතියකට නොම පැමිණෙන, අජර නම් වූ ජරාවට පත් නොවන, අමත නම් වූ මරණයට පත් නොවන යම් සුවපත් භාවයක් පවතීද උතුම් නිවන නම් වූ ඒ පරම සුවය තමා මෙන්ම අනෙකෙකුටද ලැබේවායි යන මෙත්තා හි මෙත් පැතුමයි. 

 

උතුම් නිවනක් අපේක්ෂාවෙන්, පසුවන ශ්‍රී සද්ධර්ම පිපාසිත සියලු මනුෂ්‍යයනට අමෘතය නම් වූ ශ්‍රී සද්ධර්මය පානය කිරීමට අවස්ථාව සැලසීම සඳහා ශ්‍රී සද්ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් සංවිධානය කිරීමත්, සාන්දිට්ථීකව උතුම් නිවනක් පවතින බුද්ධ ශානසය සුරැකීම වෙනුවන් මෙහෙවර ධර්ම ඉටුකිරීම වස්, වෙහෙර විහාර ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණය සඳහා ව්‍යාපෘති සංවිධානය කිරීම, ධර්මය නොනැසී ආරක්ෂා කරන අඩුපාඩුකම් සහිතව වැඩවාසය කරන බුද්ධ පුත්‍ර මහා සංඝ රතනය සොයා බලා උන්වහන්සේලා උදෙසා සිව් පසයෙන් උපස්ථාන කිරීම, අධ්‍යාපනය හදාරන සාමණේර භික්ෂුන්වහන්සේලගේ අධ්‍යපානය වෙනුවෙන් සුභ සාධන ව්‍යාපෘති සිදුකිරීම යන ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා ගන්නා සියලු කැපකිරීම් සිදුකිරීම "මෙත්තා" හි මෙත් පැතුමයි.

 

ලෞකික ජීවිතයන් සුවපත් කිරීමත්, ලෝකෝත්තර මාර්ග ඵල උතුම් නිවන් සුව පිණිසත්, සියලු සත්වයනට මඟ එළි පෙහෙළි කරදීම මෙත්තා හි මෙත් පැතුමයි.

 

"සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා"

සියළු සත්වයෝ සුවයෙන්  යුතු සිත් ඇත්තෝ වෙත්වා

Mettā Events

G01/865, Dandenong Road, Malvern East 3145

© 2020 Mettā Austrailia Inc. 

Contact

For more information about the event, feel free to contact us.

Phone number: ‭+61 468 588 500‬

Thanks for submitting!

  • Facebook
  • Twitter
  • Instagram
bottom of page